Wednesday, May 4, 2011

1 එක වන්නේ කෙසේද?

ඉලක්කම්

1 2 3 4 ආදී වශයෙන් අප ගනණය කිරීමට යොදා ගන්නා ඉලක්කම් ක්‍රමය හඳුන්වනු ලබන්නේ අරාභි ගණිත ක්‍රමය ලෙසයි.
එය රෝමානු ගණිත ක්‍රමයෙන් වෙනස් වන අයුරු ඔබ දන්නවාද?
රෝමාණු ක්‍රමයට අංක ලියනු ලබන්නේ I II III IV ආදී වශයෙන් ‍වේ.


අරාභියේ ජනප්‍රිය වුනු මෙම ගණිත ර‍ටාවේ ආරම්භය ආදිකල්පිත වෙළෙන්දන් කරා දිවයනවා.
ඔවුන් විසින් මෙම ගණිත ක්‍රමය ඔවුන්ගේ වෙළෙඳ ක්‍රියාකාරකම් වල ගනණය කිරීම් සඳහා භාවිතා කරන ලදි.

වැදගත් වන්නේ මෙයයි. ඔබ කෙදිනකවත් මෙසේ ප්‍රශ්න කර ඇත්ද?

 1 එක වන්නේ කෙසේද?

 2 දෙක වන්නේ කෙසේද?

 3 තුන වන්නේ කෙසේද?

 4 හතර වන්නේ කෙසේද?


අරාභි ගණිත ක්‍රමයෙහි මේ සඳහා විද්‍යාමාන වන තර්කය කුමක්ද?

ඔබට සිතාගැනීමට පුළුවන්ද?

සිතන්න එය පහසුය.......

ඔව් එය ඉතාමත් පහසුය............

ඒ මෙම ඉලක්කම් වල ඇති උල්වූ කෝණයන්ය (මුළු ගනණ).

මෙම ඉලක්කම් හොඳින් පිරික්සන්න.
මේ ගනණ් රටාවන් ලියා ඇත්තේ ඔවුන්ගේ පුරාණ හැඩයන් උපයෝගී කරගනිමින්ය.
Picture
මේ සියයල්ලෙහිම වඩාත් සිත්ගන්නා සුළු සහ බුද්ධිමත්ම නිර්මාණය වනුයේ;
Picture
පුදුම නොවන්න. පැරුණ්නන් අපට වඩා සිතීමෙහි දක්ෂයෝ වූහ.
නවීණ තාක්ෂණය මගින් අපේ සීතීමේ ශක්තිය හීන කර ඇත.
සියල්ලම පහසු කොට බුද්ධිය කප්පාදු කොට ඇත.

යමක් ඉගැනීම සඳහා කිසිදා පමානොවෙති.

පෙනෙනවාට වඩා යමක් දැකීම ශක්තිමත් ඉගැනීමක පදම වෙයි.

හැකියාවේ සහ අශ්චර්යයේ නිත්‍ය නිරූපණයයි

මොහු ඉපදුනේ වසර 2002 අසිරිමත් නත්තලට පෙර දිනයේය. උපතින්ම පසුපස ගාත් දෙක පමණක් හිමිවූ මෙම අසරණයා හට තම ම‍වගේ සරණද නොලැබුනි. මුල් හිමිකරුටද මොහු පිළිබද නිසි හැඟීමක් නොතිබුනි.

වාසනාවකි, මොහුගේ දෙවැනි හිමිකාරිණිය වන ජූඩ් ස්ට්‍රින්ග්ෆෙලෝව් (Jude Stringfellow) මොහු පිළිබඳ ඉතා සැලකිලිමත්ය. ඇත්තෙන්ම ඇයට අවශ්‍ය වූගේ මොහු මොහුගේම උත්සාහයෙන් වැඩක් කරනු දැකීමය.

ඇය විසින් මොහු නම් කරන ලද්දේ “Faith (විශ්වාසය)” ලෙසයි.



ආරම්භයේදී ඇය ‍ෆේත්ව දියමත ලිස්සා යන පුවරුවක (surfboard) තබා චලනයන් පිළිබඳ හැඟීමක් ඔහුට ලබා දුනි. අනතුරුව ඇය උපායක් ලෙස රටකජු බටර් හැන්දක තවරා ඒවා කෑමට ඔහු පෙළඹවීය. ඒ අනුව ෆේත් දෙපයින් හිටගැනීමටත්, උඩපැනීමටත් උගත්තේය. මේ සඳහා ගෙදර සිටි අනෙක් සුනඛ යහළුවාද ෆේත්ව නිරන්තරයෙන් දිරිමත් කරන ලදි.

මවිතයකි, ගතවූයේ සය මසකි. ආශචර්යමත් ලෙස, පසුපස ගාත් දෙකෙන් සිටගැනීමටත් ඉදිරියට පැනීමටත් ෆේත් උගත්තේය. අනතුරුව හිම මත පුහුණුවත් සමගින් ඔහු වැඩිදුරටත් ඇවිදීමට උගත්තේය.



‍ෆේත් ඇවිදීමට ඉතා ප්‍රිය කලේය. ය‍න හැම තැනකදීම සියල්ලන්ගේම නෙත් සිත් පැහැර ගැනීමට ඔහු සමත් විය. ඔහු ජාත්‍යන්තර මට්ටමින් ඉතා වේගයෙන් ජනප්‍රිය වන්නට විය. විවධ පුවත්පත් සහ රූපවාහිණී වැඩසටහන් රැසක් ඔහු අලලා ගොඩනැගුනි. 'With a Little Faith' නමින් පොතක්ද ලියවි ඇත. Harry Potter චිත්‍රපටයකට ද සම්බන්ධකර ගැනීමට සලකාබලන බවටද වාර්තාවිය.



මොහුගේ වර්ථමාන හිමිකාරිණිය වන ජූඩ් ස්ට්‍රින්ග්ෆෙලෝව් (Jude Stringfellow) විසින්
"පරිපූර්ණ ශරීරයක් නොමැතිව වුවද පරිපූර්ණ ආත්මයක් හිමිකර ගතහැකිය”
යන මැයෙන් ලොව වටා දේශන පැවැත්වීම සඳහා ෆේත්ව කැටුව යාමටද අමතක නොකරයි.
















ජීවිතයේ කොතෙකුත් අප්‍රසන්න, නීරස තැන් හමුවේ.
වඩා වැදගත් වන්නේ එවැනි අවස්ථාවන්හිදි වෙනත් පැත්තකින්, දෘෂ්ඨියකින් එදෙස බැලීමය.

සියල්ල සුභවාදිලෙස දැකීමට ඔබත් පුරුදුවන්න. උදාවන හැම දවසක්ම ලස්සන දවසක් කරගන්න. අවට සිටින සෑම සත්වයකුටම ආදරය කරන්න. උදව් කරන්න. ඔබේ එක වචනයකින් තවකෙකුගේ මුළු ජීවිතයක්ම වෙනස්විය හැකි බව විශ්වාස කරන්න.

මෙම පණිවි‍ඩය නව බලාපොරොත්තු වලින් සිත පුරවාගැනීමට දිරියක්ම වේවා.

ෆේත් යනු ජීවිතයේ හැකියාවේ සහ අශ්චර්යයේ නිත්‍ය නිරූපණයයි.

මට මේක මේල් එකකින් ආපු එකක්.
සිංහලට පරිවර්ථනය කිරීමේදි දෝෂ ඇතිවි ඇත්නම් මුල් වාර්ථාව සැකසූ අයගෙන් සමාව අයදිමි.
මගේ අදහස් වලින් අවසානය සටහන් කර ඇත. ස්තූතියි.

ඌරු පැටවුන්ට සිදුවූයේ කුමක් ද?

කැලිෆෝනියාවේ සත්ව උද්යාදනයක කොටි මවක් විසින් ඉතා දුර්ලභ කොටි පැටවුන් තිදෙනෙකුට උත්පත්තිය ලබා දුනි. 

ගර්භණී සමයේ පැවති සංකූලතාවයන් හේතු කොට ගෙන අවාසනාවන්ත ලෙස එම පැටවුන් උපන්නේ නොමේරු, ඉතාමත් කුඩා පැටවුන් ලෙසය.
එමනිසා ඉපදී ඉතා කෙටි කාලයකදී ඔවුන් මිය ‍ගියේය. ප්‍රසූතියෙන් පසු ම‍ව යතා තත්වයට පත්විය.


හදිසියේම ඇයයේ සෞඛ්‍යය තත්වයේ පිරි‍හීමක් දක්නට විය. නමුත් ඇය ශාරීරිකව යහපත් තත්වයකින් සිටියාය.
පශුවෛද්‍ය වරුන් පැවසූයේ, ඇය පැටවුන් අහිමි වීම නිසා මානසික අවපීඩනයකට ලක්ව ඇති බවයි.
වෛද්‍ය වරුන්ගේ තීරණය වූයේ වෙනත් ම‍වකගේ පැටවුන් ලබා දීමෙන් කොටි දෙන නැවතත් යතා තත්වයට පත් කල හැකි බවයි.


රට පුරා ඇති සත්ව උද්‍යානයන් වල සොයා බැලුවද මෙම දුක්වන ම‍වට සරිලන වයසේ කොටි පැටවුන් සොයාගැනීමට ඔවුන් අපොහොසත් විය.
අනතුරුව සත්වෝද්‍යාන පරිසරයක කිසිදිනෙක සිදුනොවූවක් සිදුකිරීමට පශුවෛද්‍යවරුන් තීරණය කරන ලදි.
ඇතැම්විට එක් වර්ගයක මවක් වෙනත් වර්ගයක් රැකගැනීමට භාරගනු ලැබේ.
එමනිසා ඔවුන් එය අත්හදා බැලීමට තිරණය කරන ලදි.
ඉක්මනින් සොයාගැනීමට හැකි වූයේ අනාත වූ ඌරු පැටවුන් ටිකකි.
සත්වෝද්‍යාන බළධාරීන් විසින් කුඩා ඌරු පැටවුන් කොටි සම්වලින් ආවරණය කොට කොටිමව අසලින් තබන ලදි.
අසරණ ඌරු පැටවුන්ට සිදුවූයේ කුමක් ද?


↓↓
↓↓
↓↓
↓↓
↓↓
↓↓
↓↓
↓↓
↓↓
↓↓
↓↓
↓↓
↓↓
↓↓
↓↓
↓↓
↓↓
↓↓
↓↓
↓↓




රාජාලියාගේ කතාව


රාජාලියාගේ කතාව



පක්ෂීන් අතරින් වැඩිම ආයුකාළයකට හිමිකම් කියනු ලබන්නේ රාජාලියාය.



මොවුන් වසර හැත්තෑවක පමණ ආයුකාලයකට උරුමකම් කියනු ලබයි.
නමුත් මෙම වයසට සමීපවනවාත් සමගම මොවුන්ට ඉතා දැඩි තීරණ වලට එලඹීමට සිදුවේ.



වයස අවුරුදු හතලිහ පමණ වන විට දීර්ගකාලයක් ආහාර සපයා ගැනීම සඳහා
මොවුන්ගේ ඉතා දිගු සහ නම්‍යශීලී කුරුළු නිය වලින් ගොදුරු ඩැහැගැනීම අපහසු වනවා.




දීර්ග තියුණු කුරුළු හොට වක් හැඩයකට පත්වේ.



වයස් ගතවත්ම මොවුන්ගේ ගනව වැඩුනු පිහාටු වැඩිවීම හේතුවෙන්
පියාපත් බරවි පපු ප්‍රදේශයට තද වී පියාසර කිරීම අපහසු කරනවා.




අනතුරුව ඉතිරිවන්නේ විකල්පයන් දෙකක් පමණි.
ඒ මරණය හෝ එසේ නැතිනම් ඉතාමත් වේදනාකාරී ක්‍රියාවලියක් අතරින් වෙනසක් දැකීම සඳහා
අවසන් දින 150 ක කාළයක් ගතකිරීමයි.




මෙම වෙනසක් දැකීමේ ක්‍රියාවලිය සඳහා ඉතා උස් කඳුමුදුනක් කරා පියාසර කිරීම අත්‍යාවශ්‍ය වන අතර
එහි කැදැල්ලක් තනා එහි රැඳීසිටිමට සිදුවෙයි.




අනතුරුව රාජාලියා විසින් තම කුරුළු හොටින් ගල් වලට තදින් කෙටීමට පටන්ගන්නා අතර
එය කැඩී වෙන්වන තුරුම මෙසේ කොටනු ලබයි.






එසේ කැඩී වෙන්විමෙන් පසුව නව හොටක් වැඩෙන තෙක් බලා සිටින රාජාලියා අනතුරුව තම නියද කඩා ඉවත් කරගනු ලබයි.



කුරුළු නිය ද නැවතත් වැඩෙන තෙක් බලා සිටින රාජාලියා ඉන් අනතුරුව කඩා ඉවත්කර ගනු ලබන්නේ තම වයස්ගත පිහාටුය.



මේ සියල්ල අවසන් වූ පසු ගතවන්නේ මාස පහක කාළයකි.
රාජාලියා විසින් නැවතත් කීර්තිමත් පියාසර කිරීමේ චාරිකාවක් සඳහා නැවත උත්පත්තියක් ලබා ගන්නා අතර
තවත් අවුරුදු තිහක පමණ ආයු කාළයකට හිමිකම් ලබනවා.




වෙනස්වීමක් අවශ්‍ය වන්නේ ඇයි?

බොහෝ අවස්තාවන්හිදි නොනැසී පැවතීමේ ක්‍රමයක් ලෙස
ක්‍රියාවලියේ වෙනසක් ඇති කිරීම, ආරම්භකිරීමට අපට සිදුවේ.

ඇතැම්විට ඒ සඳහා පැරණි මතකයන්ගෙන්,
පුරුදු වලින් සහ අනෙකුත් අතීත සම්ප්‍රදායන්ගෙන් මිදීමට අපට සිදුවේ.


උත්සහාය අත්නොහරින්න.
අන්තිම මොහොත දක්වාම උත්සාහ කරන්න.
ආත්ම ශක්තිය ඇති කර ගන්න.
අදිටනින් සිතුවහොත් කිරීමට නොහැකි දෙයක් නොමැති බව විශ්වාස කරන්න.

සිතුවිලිම පමණක් මිහිමත වී නම්....

සිතුවිලිම පමණක් මිහිමත වී නම්....